දාඩිය විකුණන හොර මැර නැති අප – අකල් මරණ ගැන නැත දන්නේ

වැස්ස තාමත් ඉවර නෑ. වැහි දාහක් වැස්සත්, ගංගා සේරම පිටාර ගැලුවත් කමක් නෑ අහිංසකයන්ට ජීවිතෙන් වන්දි ගෙවන්න නොවී. එහෙම කියන්න හිතුනෙ වතුරෙ ගහගෙන ගිහිල්ලා නැති වුනු අ‍ම්මෙකුයි පුංච් දුවෙකුගෙයි කතාවක් අද පත්තරෙන් දැකපු නිසා.

ඒ කතාව කියවලා හුස්මක් ගන්න කලින් තවත් නරක ආරංචියක්. පාසැල් වෑන් රථයක් පුද්ගලික බස් රථයක හැපිලා. ඒත් කමක් නෑ අර පුංචි දරුවන්ට කරදරයක් නොවුන නම්. ඒත මෙ වෙනකොටත් එක පැටියෙක් නැති වෙලා‍, තව පුංචි දරුවො ගාණක් ලේ පිටින් රෝහල් ගත කරලා. උදේ පාන්දර ආදරෙන් ලෑස්තිකරලා මූණ ඉඹලා පාසැල් යවපු දරුවො මෙහෙම බලන්න මොන අම්ම අප්පද කැමති?

මේ ගැන හිතෙනකොට කපුගේගෙ සින්දුවක් මතක් උනා. මේ ගීය ගැන එක එක විවේචන මම අහලා තියෙනවා. ඒ කොහොම උනත් දරුවෙක් ඉන්න ඕනෙ කෙනෙක්ගෙ හිත කම්පනය කරන පද වැලකුත් තාලයකුත් එක්ක කපුගේ අයියගෙ කටහඩේ තියෙන අපූර්වත්වයත් නිසා අද සටහන ඒ සින්දුවෙන් ඉවර කරන්න හිතුවා.

හන්තානේ කඳු දණ ඇන නමදින – සිරිදළදා හාමුදුරුවනේ
ඔබවහන්සෙ ළඟ ඉගෙනගන්න ගිය – මගෙ දරුවා හාමුදුරුවනේ
පිරුවට අන්දා ඇස්දෙක පියවා – ගෙන ආවලු හාමුදුරුවනේ
දළදා නාමෙට උත්තර
දෙනවද මතු බුදුවන හාමුදුරුවනේ //

ඇදුරිඳුනේ මේ සැතපෙන දරුවා – ලෙඩට බේත් නැති කෙනෙකුන් දෝ
වනන්තරේ වැදි සෙනගට අහුවුණ – මරුවැල පෑගුණ කෙනෙකුන් දෝ
මේ මගෙ පුතු බව අදහනු කෙළෙසද – ලෙඩකින් දුකකින් නැත පෙළුණේ
දාඩිය විකුණන හොර මැර නැති අප
අකල් මරණ ගැන නැත දන්නේ  //

කාලය දීපය දේශය දන්නා – මතු බුදු වන හාමුදුරුවනේ
ධර්මය දැනගෙන එන්න ගියේ පුතු – හමුවුණ නැති වග නැත දන්නේ
තුවාල සුදු පිරුවටින් වසාගෙන – උඩුකුරුවී මේ සැතපෙන්නේ
ඒ දස ධර්මයේ ගුණකඳ නොවේද
කියන්න දැන්වත් ඇදුරිඳුණේ ……. //

මැයි 18 මැයි 19

Sri Lankan Troops – celebrating the victory
© www.defence.lk

මැයි 18 මැයි 19 – කවමදාවත් අමතක කරන්න බැරි දවස්. අපේ ගැමුණු, වලගම්බා, විජයබාහු වගේ වීරයන්ගෙ කාල වල මහ සටන් ගැන පොත් වලින් දැක්ක අපි ඊට නොදෙවෙනි සටනක් අපේ ජීවිත කාලෙදිම දැක ගත්තා. අතිගරු ජනාධිපතිතුමාගෙ ඉදන් සොල්දාදුවා දක්වාම, හැම ස්තරයකම හිටපු අපේ වීරයන්ගෙ කො‍දු නාරටි සවිමත් හින්දම අපේ රට අද සැනසුම් සුසුමි හෙලනවා.
වීරයො කෙනෙක් දෙන්නෙක් නෙම් හුගාක් බිහි වුන සටනක් මේක. සුද්ද බන්දේසියක තියලා 48 දුන්න නාමික නිදහසට වඩා මේ නිදහස අපට වැදගත් වෙන්නෙ ඒක අපි ලබා ගත්තෙ ලෙයින් දහඩියෙන් හා කදුලෙන් නිසා.
අම්මලා තාත්තලා විශේෂයෙන් හිතන්න ඕනෙ. මේ වීරයො ගැන කතා අපේ පුංචි පැටව්න්ට උගන්නන්න. ඔය හොලිවුඩ් වීරයො වගේ නෙම් අපේ රට හැබෑ වීරයො දස දහස් ගණණ් බිහිකරලා තියෙනවා. අරගෙන කියවන්නම වටින පොතක් ගැන කියන්නම්, සිංහලේ ජාතික සටන් – දයාවංශ ජයකොඩි.
ලියන එක නවත්තන්නෙ රට වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ ජීවිත පුජ කරපු අපේ හැම සෙබලෙක්ම ආදරයෙන් සිහි කරමින්.

මේ කතුවැකියත් හුගක් වටිනව කියල හිතනවා – http://www.divaina.com/2010/05/16/editorial.html

අදදෙරණෙට ස්තූතියි ..

‍ඊයෙ ලිපිය දාපු වෙලාවෙල මට ඕනෙ උනා පින්තූරයක් එක්කම දාන්න. නිතරම යන අදදෙරණ වෙබ් අඩවියෙන් පින්තූරෙ ගත්තට අවසර ගන්නකම් හිතට මහ මොකක්ද වගේ දැනුනා. ඔයාලා හිතයි මට පිස්සු කියලා. ඒත් ඇත්තටම ඒ ව‍ගේ වෙබ් අඩවි වලින් කොපි කරපු ප්‍රවෘත්ති. තමන‍්ගෙ වගේ දාලා සල්ලි හොයන වෙබ් අඩවි මම දැකලා තියෙනවා. මට එහෙම කරන්න අමාරුයිල ඒ මගෙ ලෝකෙ වෙනස් නිසා. ඒක හො‍්‍ද මාතෘකාවක් ලිපියක් ලියන්න – මම කිව්වෙ පස්සෙ වෙලාවක.

කොහොම වෙතත් මට අදදෙරණෙන් ඒ අවසරය ලැබුණා. උපදෙසෙකුත් එක්කම. ඒ ගැන සතුටුයි. තිබුණ අඩුපාඩුවත් හැදුවා. ඉතින් ‍මේ ලිපිය ලිව්වෙ දෙරණෙ ජනිත් ‍රොද්‍රිගෝ මහත්තයට ස්තුති කරන්න – මට දීපු සහයෝගයට.

හිත මිතුරු සුලග ළග එන වැහි වලාවට කියන්

Rain

Rain

අද හොදටම වැස්ස. මේ වගේ වැස්ස වෙලාවක ඔලුවෙ ඉ‍දන් පොර‍වගෙන නිදාගන්න, එහෙමත් නැත්තම් අත් දෙක පොරවගෙන පුටුවක් උඩට වෙලා වැස්ස කඩාගෙන වැටෙන හැටි බලාන ඉන්න ආස උනත් ආර්ථික විද්‍යාවෙ න්‍යායවලින් මාසෙ අන්තිමට පහර නොවදින්න නම් වැඩට යන්නම ඕනෙ.

කොහොම උනත් මේ වගේ වහින හැම වෙලාවකම, ජීවිතේට සමීප  සින්දුවක් මතක් වෙනවා. ඒ වික්ටර් අයියගෙ සින්දුවක්.

හිත මිතුරු සුලග ළග එන වැහි වලාවට කියන්
අද නොපැමිණ යලි වෙන දවසක රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් ලෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අදුරු වේ සැණින් ………

(පින්තූරෙ ගත්තෙ අදදෙරණ වෙබ් අඩවියෙන් )

වෙසක් කූඩු

Wesak Lantern

Wesak Lantern

අද වෙසක් කූඩු හදන්න පටන් ගත්තා. කාලෙ සල්ලි වලින් මනින කාලෙක වෙසක් කූඩු හදන්න කාලෙ හොයා ගන්න එකත් අමාරු දෙයක් තමයි. ඒ උනත් මගෙ පුංච් පුතා ලෝ‍කෙ අදුන ගන්න කාලෙදි අපේ සංස්කෘතියේ හැම දෙයක්ම ප්‍රායෝගිකව ඉගෙන ගන්න ඕනෙ කියන එක මම තදින් විශ්වාස කරනවා.
ලේසි වැඩේ කඩෙන් කූඩුවක් ගේන එක තමයි. ඒ ලේසිය අස්සෙ අපේ ඇත්තො අමතක කරන දෙයක් තියෙන‍වා. ඒ තමයි අපේ ජාතිය කලාවට සමීප කරන එක දෙයක් තමයි වෙසක් කුඩුව කියන්නේ. අවුරුද්ද කෙළි සෙල්ලමෙන් ගත කරන සිංහලයා වෙසක් කාලෙත් එක්ක බොහොම ඉවසීමෙන් එක තැනක ඉදන් ලස්සන ලස්සන කැටයම් දාපු වෙසක් පහන් හැදුවා. මම පහන් කි‍ව්වෙ ඒ කාලෙ ගොක් කොල පාවිච්චි කරපු නිසා. අද ඒ ලස්සන ගොක් කොල කැටයම් කරන්න පුලුවන් කෙනෙක් හොයා ගන්නවත් පුලුවන්ද? ඊට පස්සෙ කඩදාසි කූඩු ආවා. බාගයක් සල්ලි වලට. ඒත් කලාව ජාන වලින් අරන් ආව අපේ අය අලුත් අලුත් නිර්මාණ කලා. ‍වෙසක් කූඩුවක් හදද්දි සිංහලයා කලා‍වට අමතරව ඉවසීමත් ප්‍රගුණ කල බව මම ආයෙත් මතක් කරනවා.
කොහොමින් හරි මනුස්සකමත් රුපියල් සත වලින් මනින යුගේ ආවා. වෙසක් කූඩුවට මිලක් නියම උනා. හරිම ලේසියි, ලස්සනයි, සල්ලි දුන්නා ගත්තා එල්ලුවා. හැබැයි ‍ඒ කාලෙදි අපේ ඇත්තො ඒකෙන් ලබපු සතුට (පින) අද ලැ‍බෙනවද? ඒ කාලෙ හැමෝම එකතුවෙලා හදපු මහා කූඩු අද හදන‍්නෙ මුදලාලිලා. පෝලිමේ ඉදලා පොඩි? ගානක් ‍ගෙවලා ඇතුලට ගිහින් බුද්ධාලම්බන ප්‍රීතිය ලබන්න පුලුවන්. සමහර තැන්වල ටිකට් නෑ ආධාර විතරයි. අලුත්ම සින්දු බණ එකතු කරලා (සමහර විට ඒකෙ අනිත් පැත්ත) කිව්වම හුගක් සල්ලි ලැබෙනව.
අනික මේ කූඩු හැදුවෙ විනාශ වෙන දේවල් වලින්. පරිසරය ගැන කියනවා නෙවේ, වෙසක් කූඩු වැස්සෙන් හේදිලා අව්වට කරවෙලා විනාශ වෙනකොට සිංහල ‍බොදුනුවා සංසා‍ර ගමන ඒ දිහා බලලා මෙනෙහි කලා. ඇතිවන සියල්ල නැති වෙන සුලුයි. සබ්බේ සංස්කාරා අනිච්චා.
අද? කුඩුවට පිටින් පොලිතින් දානවා. අනේ වැස්සට තෙමෙන‍වට. ලෝබයි. කොහොම හරි පරිස්සම් කර ගත්තොත් එන අවුරුද්දෙත් පාවිච්චි කරතෑකි, සල්ලිත් ඉතිරියි.
මේක ෆැන්ටසියක් නෙමේ. හෙට අනිද්දා අපි ‍ඉටිකොල කූ‍ඩු ගෙන්නනවා චීනෙන්. හැම අවුරුද්දෙම වෙසක් එකට එලියට අරන් පාව්ච්චි කරනවා. ඊලගට අපි ලේසර් හොලොග්‍රෑම් කූඩු ගේනවා. ඉඩක් යන්නෙත් නෑ, වෙලාවකට අටපට්ටම ඊලගට තරුව…..
ඇත්තටම අපි යන්නෙ කොහෙටද? වෙලාවකට මටම හිතාගන්න බෑ. මගෙ බ්ලොග් එක කියවලා මගේ ලෝකෙ අදුන ගන්න උත්සාහ කරන ඇත්තො හිතාවි ඒක හුගක් පටුයි කියලා. ඒත් මොනව කරන්නද මේ මගේ ලෝකෙ වෙච්චි කොට?

Mother Land …..

විකුණණ විකිණෙණ ලෝකය…………….

හැම දෙයක්ම වි‍කිණෙණ ලෝ‍කෙ ටියුෂන් සර්ලා තමන්ව විකුණගන්න දමන වීරිය දැක්කම පුදුම වෙන්න දෙයක් නෑ. මේ පෝස්ටර් එක දැක්කම අඩන්නද හින‍ාවෙන්නද කියල මට නම් තේරෙන්නෙ නෑ. 300 ෆිල්ම් එක බලපු කෙනෙකුට සමහරවිට කෙන්ති යන්නත් පුලුවන් ඒ තරම් ලස්සන ෆිල්ම් එකත් කනව කියල. ඒත් බුදු හමුඩුරුවන්වත් විකුනන් කන සමාජෙක මේක මොන කජ්ජ්ක්ද.

ඔක්කොම පිස්සො …….

ඇත්තටම පිස්සු පිස්සන් කියලා අපි කොටු කරල ඉන්න අයද? එහෙම නැත්තන් අපිද? පිස්සු හැදුන ‍අපි පිස්සු නැති මි‍නිස්සු අල්ලල පිස්සන් කොටුවට දාලා වෙන්න බැරිද? අපි කොහොමද මේ දෙක වෙන් කරන ඉර හරියටම අ‍දුන ගන්නෙ? මේකෙ බැරෑරැම් කම ගැන මතක් වෙන්නෙ බුදු හාමුදුරැවො කියපු – සබ්බේ සත්තා උන්මත්තකා – වචන පෙල ගැන හිතනකොට අපිත් පි‍ස්සො කොට පිස්සො කියල ලේබල් ගහල පිස‍්සො ටිකක් විතරක් කොටු කරල තියෙන එකේ සාධාරණ කම ගැන මට කියල දෙන්න. එක්කො එයාල එලියට ගමු නැත්තන් අපිත් ඇතුලට යමු. ඇත්ත තිත්ත උනත් අපි ‍සේරම පිස්සො තමා ………………………..